Author Archives: Ranjith

SN 02 නිදාන වර්ගය

Posted on
නිදාන සංය්ක්තය
1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඩ්ග සූත්‍රය
3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සී සූත්‍රය
5. සිඛී සූත්‍රය
6. වෙස්සභූ සූත්‍රය
7. කකුසඳ සූත්‍රය
8. කෝනාගම සූත්‍රය
9. කස්සප සූත්‍රය
10. ගෞතම සූත්‍රය
2. ආහාර වර්ගය
1. ආහාර සූත්‍රය
2. ඵග්ගුන සූත්‍රය
3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධර්ම කථික සූත්‍රය
7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිත සූත්‍රය
10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබල වර්ගය
1. දසබල සූත්‍රය
2. දසබල සූත්‍රය
3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජ සූත්‍රය
6. උපවාණ සූත්‍රය
7. පච්චය සූත්‍රය
8. භික්ෂු සූත්‍රය
9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තිය වර්ගය
1. භූතමිදං සූත්‍රය
2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථු සූත්‍රය
4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජා සූත්‍රය
6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හාක සූත්‍රය
8. චේතනා සූත්‍රය
9. චේතනා සූත්‍රය
10. චේතනා සූත්‍රය
5. ගහපති වර්ගය
1. පඤ්චවෙර භය සූත්‍රය
2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛ සූත්‍රය
4. ලෝක සූත්‍රය
5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලෝකායතික සූත්‍රය
9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදාන සූත්‍රය
3. සංයෝජන සූත්‍රය
4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛ සූත්‍රය
6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදාන සූත්‍රය
7. මහා වර්ගය
1. අස්සුතවන්තු සූත්‍රය
2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්‍ර මාංශ සූත්‍රය
4. රාග සූත්‍රය
5. නගර සූත්‍රය
6. සම්මසන සූත්‍රය
7. නළකලාපිය සූත්‍රය
8. කෝසම්බී සූත්‍රය
9. උපයන්ති සූත්‍රය
10. සුසීම සූත්‍රය
8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. පච්චය සූත්‍රය
2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තර පෙය්යාලය
1. සත්ථු වර්ගය
2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ

Posted on

එකො ධම්මො

number-1

1.     උපකාරක ධර්මය අප්‍රමාදය
2.    වැඩිය යුතු ධර්මය කායගතා සතිය
3.    පිරිසිඳ දත යුතු ධර්මය ස්පර්ශය
4.    දුරුකට යුතු ධර්මය අසමි මානය
5.    පිරිහීමට හේතුවන ධර්මය අයෝනිසෝ මනසිකාරය
6.    දියුණුවට හේතුවන ධර්මය යෝනිසෝ මනසිකාරය
7.    අවබෝධ කට යුතු ධර්මය ආනන්තරික චිත්ත සමාධිය
8.    ඉපිදවිය යුතු ධර්මය ප්‍රත්‍යාවෙක්ෂණ ප්‍රඥාව
9.    විශේෂ නුවනින් දතයුතු ධර්මය ආහාරය
10.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්මය චිත්ත විමුක්තිය

ද්වෙ ධම්ම

number-2

11.             උපකාරක ධර්ම දෙකකි සති , සම්පජඥය
12.            වැඩිය යුතු ධර්ම දෙකකි සමථ, විදර්ශනා
13.            පිරිසිඳ දත යුතු ධර්ම දෙකකි නාම, රූප
14.            දුරුකට යුතු ධර්ම දෙකකි අවිද්‍යාව, භාව රාගය
15.            පිරිහීමට හේතුවන ධර්ම දෙකකි අකීකරුබව සහ පවිටු ආශ්‍රය
16.            දියුණුවට හේතුවන ධර්ම දෙකකි කීකරුබව සහ කලණ ඇසුර
17.            අවබෝධ කට යුතු ධර්ම දෙකකි කෙලෙසීමට ප්‍රත්‍ය සහ පිරිසිදුවීමට ප්‍රත්‍ය ධර්ම
18.            ඉපිදවිය යුතු ධර්ම දෙකකි ක්ෂය ඥානය, අනුප්පාද ඥානය
19.            විශේෂ නුවනින් දතයුතු ධර්ම දෙකකි සංකත ධාතු = පංචස්කන්ධය සහ අසන්කත  ධාතුව = නිර්වාණය
20.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දෙකකි විද්‍යා තුන සහ රහත් බව

තයො ධම්මා
number-3

 

21.             උපකාරක ධර්ම තුනකි කල්‍යාන මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය
22.            වැඩිය යුතු ධර්ම තුනකි ප්‍රථම, ද්වීතිය සහ තෘතීය ධ්‍යාන
23.            පිරිසිඳ දත යුතු ධර්ම තුනකි දුක්ඛ වේදනා, සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා
24.            දුරුකට යුතු ධර්ම තුනකි කාම තන්හා භාව තන්හා විභව තන්හා
25.            පිරිහීමට හේතුවන ධර්ම තුනකි ලෝභ, දෝෂ , මෝහ
26.            දියුණුවට හේතුවන ධර්ම තුනකි අලෝභ, අදෝෂ, අමෝහ
27.            අවබෝධ කට යුතු ධර්ම තුනකි අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය
28.            ඉපිදවිය යුතු ධර්ම තුනකි අතීත සමරන ඥානය, වර්තමාන ය පිබඳ සතිය, අනාගත ස්කන්ධ ඥානය
29.            විශේෂ නුවනින් දතයුතු ධර්ම තුනකි අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය
30.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම තුනකි කාම ධාතු, රූප ධාතු, අරුප ධාතු

චත්තාරො ධම්මා
number-4


චත්තාරො ධම්මා

 

31.             උපකාරක ධර්ම හතරකි සුදුසු පෙදෙසක වාසය, කලන ඇසුර,නිවැරදි මග, පෙර කල පින් ඇති බව
32.            වැඩිය යුතු ධර්ම හතරකි සතර සතිපට්ඨාන ධර්මයෝ
33.            පිරිසිඳ දත යුතු ධර්ම හතරකි සතර ආහාර
34.            දුරුකට යුතු ධර්ම හතරකි කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕග අවිද්‍යා ඕඝ
35.            පිරිහීමට හේතුවන ධර්ම හතරකි කාම  යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, අවිද්‍යා යෝගය
36.            දියුණුවට හේතුවන ධර්ම හතරකි කාම  යෝගයෙන් මිදීමය, භව යෝගයෙන් මිදීමය, දිට්ඨි යෝගයෙන් මිදීමය, අවිද්‍යා යෝගයෙන් මිදීමය
37.            අවබෝධ කට යුතු ධර්ම හතරකි හාන භාගිය සමාධිය,  ටිති භාගිය සමාධිය, විශේෂ භාගිය සමාධිය, නිර්වේද භාගිය සමාධිය
38.            ඉපිදවිය යුතු ධර්ම හතරකි ධර්මඥාන , අන්වය ඥානය, පරිච්චේද ඥානය, සම්මුති ඥානය
39.            විශේෂ නුවනින් දතයුතු ධර්ම හතරකි සතර ආර්ය සත්‍යයෝ
40.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතරකි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල

පඤ්ච ධම්මා
number-5

පඤ්ච ධම්මා

41.             උපකාරක ධර්ම පහකි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා,
42.            වැඩිය යුතු ධර්ම පහකි පළමු ද්විතිය තෘතීය ධ්‍යානවල ප්‍රඥාව චේතස්ඵරන තාව, ආලෝක ස්ඵරන තාව
43.            පිරිසිඳ දත යුතු ධර්ම පහකි පංච උපාදානස්කන්ධ
44.            දුරුකට යුතු ධර්ම පහකි පංච නීවරණ
45.            පිරිහීමට හේතුවන ධර්ම පහකි බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මය සහ සන්ඝයා කෙරෙහි සැක, ශික්සාව කෙරෙහි සැකය, සබ්‍රහ්මචාරින් කෙරෙහි චිකිච්චා,
46.            දියුණුවට හේතුවන ධර්ම පහකි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය,සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය
47.            අවබෝධ කට යුතු ධර්ම පහකි පංච නිස්සරනීය ධාතු
48.            ඉපිදවිය යුතු ධර්ම පහකි පංච ඥානික  සම්‍යක් සමාධි
49.            විශේෂ නුවනින් දතයුතු ධර්ම පහකි පංච විමුක්ති ආයතන
50.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම පහකි ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන,) විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යවෙක්ෂා ඥාන)

ඡ ධම්මා
number-6
 

ඡ ධම්මා

 

 

51.             උපකාරක ධර්ම සයකි මෛත්‍රිසහගත කායකර්මය
මෛත්‍රීසහගත වාක්කර්මය,
මෛත්‍රී සහගත මනොකර්මය

සමව බෙදාගෙන පරිභෝගය
සීලයෙන් සමව විසීම
දෘෂ්ඨි සාමාන්යතාව

52.            වැඩිය යුතු ධර්ම සයකි බුද්ධානුස්මෘතිය
ධර්මානුස්මෘතිය
සන්ඝානුස්මෘතිය
සීලානුස්මෘතිය
ත්‍යාගානුස්මෘතිය
දේවතානුස්මෘතිය
53.            පිරිසිඳ දත යුතු ධර්ම සයකි චක්ෂු ආයතනය

ශ්‍රොත ආයතනය

ඝ්‍රාන  ආයතනය

ජිව්හා ආයතනය

කාය ආයතනය

මනස් ආයතනය

54.            දුරුකට යුතු ධර්ම සයකි රූප තන්හා

ශබ්ද තන්හා

ගන්ධ තන්හා

රස තන්හා

ස්පර්ශ තන්හා

ධර්ම තන්හා

55.            පිරිහීමට හේතුවන ධර්ම සයකි භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මයෙහි, ගෞරව නැතිව විසීම
56.            දියුණුවට හේතුවන ධර්ම සයකි භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මය කෙරෙහි ගෞරව සහිතව විසීම
57.            අවබෝධ කට යුතු ධර්ම සයකි මෙත්තා සමාධිය, කරුණා සමාධිය, මුදිතා සමාධිය , උපේක්ෂා සමාධිය, අනිමිත්ත චේතෝ විමුක්තිය , මමායනත්වය
58.            ඉපිදවිය යුතු ධර්ම සයකි රූප සඥා උපේක්ෂාව, ශබ්ධ සඥා උපේක්ෂාව , ඝන්ධ සඥා උපේක්ෂාව, රස සඥා උපේක්ෂාව, පොට්ටබ්භ සඥා උපේක්ෂාව ,
59.            විශේෂ නුවනින් දතයුතු ධර්ම සයකි දස්සනානුත්තරිය, සවනානුස්තරිය,ලාභානුත්තරිය, සික්ඛනුත්තරිය, පාරිචයානුත්තරිය,

අනුස්සනානුත්තරිය

60.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම සයකි අභිඥා සය

සත්ත ධම්මා
number-7

  උපකාරක ධර්ම හතකි ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි (ලජ්ජා) ධනය, ඔත්තප්ප (බිය) ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය,
  වැඩිය යුතු ධර්ම හතකි ස්මෘති සම්බොද්ධ්‍යංගය, ධර්මවිචය සම්බොද්ධ්‍යංගය, වීර්යය සම්බොධ්‍යාංගය, ප්‍රීති සම්බොද්ධ්‍යංගය, පස්සද්ධි සම්බොද්ධ්‍යංගය, සමාධි සම්බොද්ධ්‍යංගය, උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය
  පිරිසිඳ දත යුතු ධර්ම හතකි විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සත
  දුරුකට යුතු ධර්ම හතකි කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය
  පිරිහීමට හේතුවන ධර්ම හතකි ශ්‍රද්ධා නැත්තෙක් වේද, ලජ්ජා නැත්තෙක් වේද, බිය නැත්තෙක් වේද, ඇසූ පීරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද ඒ ධර්ම 7 වේ.
  දියුණුවට හේතුවන ධර්ම හතකි ශ්‍රද්ධා ඇත්තෙක් වේද, ලජ්ජා ඇත්තෙක්වේද, බිය ඇත්තෙක් වේද, බහුශ්‍රැතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද
  අවබෝධ කට යුතු ධර්ම හතකි ධර්මය දන්නෙක් වේද, අර්ථය දන්නෙක් වේද, තමා දන්නෙක් වේද, පමණ දන්නෙක් වේද, කාලය දක්නෙක් වේද, පිරිස් දන්නෙක් වේද, පුද්ගලයන් දන්නෙක් වේද,
  ඉපිදවිය යුතු ධර්ම හතකි අනිත්‍ය සංඥාවය, අනාත්ම සංඥාවය, අසුභ සංඥාවය, ආදීනව සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාව
  විශේෂ නුවනින් දතයුතු ධර්ම හතකි සත් වැරූරුම් නිර්දස වස්තු
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතකි ක්ෂීණාශ්‍රව බල සත

අට්ඨ ධම්මා
number-8

 

  උපකාරක ධර්ම අටකි ශ්‍රද්ධා ,කාය සහ චිත්ත විවේකය, සංවර සීලය, බහුශ්‍රුත බව,  වීර්ය, සතිය
  වැඩිය යුතු ධර්ම අටකි ආර්ය අෂ්ඨාංගික ධර්ම
  පිරිසිඳ දත යුතු ධර්ම අටකි අෂ්ඨ ලෝක ධර්ම
  දුරුකට යුතු ධර්ම අටකි වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය වැරදි ස්මෘතිය, වැරදි සමාධිය
  පිරිහීමට හේතුවන ධර්ම අටකි අෂ්ඨ කුසීත ධර්මයෝ
  දියුණුවට හේතුවන ධර්ම අටකි අෂ්ඨ වීර්ය ධර්මයෝ
  අවබෝධ කට යුතු ධර්ම අටකි බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් අට
  ඉපිදවිය යුතු ධර්ම අටකි මහා පුරුෂ කල්පනා අටය
  විශේෂ නුවනින් දතයුතු ධර්ම අටකි අෂ්ට අභිභායතනයෝ
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම අටකි විමොක්ෂ අට

නව ධම්මා
number-9

 

  උපකාරක ධර්ම නවය කි නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවය
  වැඩිය යුතු ධර්ම නවය කි ශීල විසුද්ධිය , චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය , කංඛාවිතරණ විශුද්ධිය, මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය,
  පිරිසිඳ දත යුතු ධර්ම නවය කි සත්වා වාස නවය
  දුරුකට යුතු ධර්ම නවය කි තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය
  පිරිහීමට හේතුවන ධර්ම නවයකි ක්‍රොධ කරුණු නවය
  දියුණුවට හේතුවන ධර්ම නවය කි ක්‍රොධය දුරලීමේ  කරුණු නවය
  අවබෝධ කට යුතු ධර්ම නවය කි නානත්ව  නවය
  ඉපිදවිය යුතු ධර්ම නවය කි අසුභ හැඟීමය, මරණ හැඟීමය, ආහාරයෙහි පිළිකුල් හැඟීමය, සියලු ලෝකයෙහි අනභිරති (නොඇලීම්) හැඟීමය, අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුක් හැඟීමය, දුකෙහි අනාත්ම හැඟීමය, දුරු කිරීම් හැඟීමය, නොඇලීම් හැඟීම
  විශේෂ නුවනින් දතයුතු ධර්මනවය කි අනුපූර්වවිහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවය
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම නවය කි අනුපූර්ව නිරොධ (පිළිවෙළින් නැති කිරීම්) නවය

දස ධම්මා
number-1number-0

 

  උපකාරක ධර්ම දහයකි නාථ කරණ  ධර්ම දශය
  වැඩිය යුතු ධර්ම දහයකි දශ කසිණායතනයෝ
  පිරිසිඳ දත යුතු ධර්ම දහයකි ආයතන දශය
  දුරුකට යුතු ධර්ම දහයකි වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජිවිකාවෘත්තිය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මීදීම
  පිරිහීමට හේතුවන ධර්ම දහයකි දශ අකුශල ධර්ම පථයෝ
  දියුණුවට හේතුවන ධර්ම දහයකි දශ කුශල කර්ම පථයෝ
  අවබෝධ කට යුතු ධර්ම දහයකි ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය
  ඉපිදවිය යුතු ධර්ම දහයකි දශ සංඥාවෝ
– අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාවය,
  විශේෂ නුවනින් දතයුතු ධර්ම දහයකි නිර්ජර වස්තුහු (දිරා යන කරුණු)
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දහයකි දශ අශෛක්ෂ ධර්ම

දෝෂය කොතැන ද?

Posted on

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු.

……මම තව එක සිද්ධියක්‌ පෙන්නන්නම්. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්‌පර්ශ ආයතන හය නිසා ම ධාතු නානත්වය නිසා සංඥා පහළ වන මට්‌ටමක්‌ තමයි අපට තියෙන්නෙ. ඒ කියන්නෙ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, දැනෙන ආ, දේ. මේ ටික තමයි “ඉන්කමින්” කියල අපි පහසුවට හඳුන්වපු, එළියෙ ඉඳන් ඇතුළට එන ටික. මේ සිද්ධියෙ දෝෂයක්‌ නැහැ.

මෙහෙම සිද්ධියකින් පස්‌සෙ ආපහු ඇහැ අහකට ගන්නකොට ම ඇහැත් නිරුද්ධයි, පෙනෙන රූපයත් ඉතිරි නැති ව ම නිරුද්ධයි කියන එක නො දැක තියෙන දෙයක්‌ හැටියට අල්ලගෙන වින්දොත් මොකද වෙන්නෙ? අවිද්‍යා කර්ම ඉතිරි වෙනව. කාම ධාතුවෙ ස්‌වභාවය තමයි ආයතන හයෙන් ම කර්ම රැස්‌ වෙනව කාමාවචර මට්‌ටමින්. ඒ කිව්වෙ ආපහු එයාට සිහි කරල යන්න හය පොළක්‌ ම හැදෙනව. රූප තියෙනව කියල බලන්න යන්නත් පුළුවන්. ශබ්ද තියෙනව කියල අහන්න යන්නත් පුළුවන්. ගන්ධ, රස, ස්‌පර්ශ, සිතිවිලි තියෙනව කියල විඳින්න යන්නත් පුළුවන්. එයාට කාම ධාතුවෙ ආයතන දොළහකුයි, අටළොස්‌ ධාතුවකුයි ස්‌කන්ධ පංචකයකුයි හම්බ වෙනව. මේ තමයි “අවුටිගොයින්” කොටස.

ස්‌පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධය නො දන්නාකම නිසා ස්‌පර්ශ ආයතන හය ම ඇති හැටියට නිමිති ගත්ත කෙනාට ආපහු යන්න ස්‌පර්ශ ආයතන හයක්‌ ඒ කියන්නෙ ආයතන 12ක්‌ ධාතු අටළෙසක්‌ ඉතිරියි. ඒ මට්‌ටම තමයි කාමාවචර මට්‌ටම. නිමිති උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නෙ ඒ වගේ ධාතුවක්‌ ආශ්‍රිත ව මයි.

ඒ තමයි කාම භවය. අනෙක්‌ අතට රූප භවය කියල කියන්නෙ ආයතන හයට ම අරමුණු ආවට නිමිති තියෙන්නෙ ඇහෙන් දකින එකෙයි, ශබ්ද අහන එකෙයි, හිතින් හිතන එකෙයි විතරයි. ගන්ධය, රස, ස්‌පර්ශය කියන නිමිති එහේ නැහැ. ඒ හින්ද එයා ආපහු යන්නෙ (“දුරකථන ඇමතුම ගන්නෙ” කියල අපි හිතමු) තුන් පොළකට විතරයි. ඒ කියන්නෙ රූපය සිහි කරන්න පුළුවන්, ශබ්දය සිහි කරන්න පුළුවන්, සිතිවිලි සිහි කරන්න පුළුවන් විතරයි. ආයතන හයට ම අරමුණු ආවත් රූප ශබ්ද සිතිවිලි අරභයා විතරක්‌ ඒවා ඇති දේවල් බවට අදහස ඉතිරි වෙනව. ඒ හින්ද ඒව හොයාගෙන යනව.

කෙනකු ගාව තියෙන්නෙ රූපාවචර මට්‌මේ සංයෝජනයක්‌ නම් එයාට ආපහු යන්න නිමිති හිටින්නෙ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන හය විතරයි. ධාතු 9 විතරමයි. එයාට අවිඡ්ජා පච්චයා සංඛාර වෙලා තියෙන්නෙ රූපාවචර මට්‌ටම. සංඛාර පච්චයා විඤ්ඤාණං කියනකොට චක්‌ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ විතරයි. ඒ මට්‌ටමේ තණ්‌හා උපාදානයක්‌ යෙදුණොත් ඒ මට්‌ටමේ තමයි භවයත්.

අරූප භවයෙ දි වෙන්නෙ මොකක්‌ ද? එහෙත් “ඉන්කමින්” හය ම තියෙනව. “අවුට්‌ගොයින්” 1ක්‌ විතරයි. මනායතනයයි ධම්මාරම්මණයි හැර අනෙක්‌ අරමුණු අරභයා, මෙතන තියෙන්නෙ සෙසු දේවල් හටගෙන නැති වීමක්‌, අවකාශයක්‌ විතර නෙ කියන අදහස බලපවත්වනව. එතකොට ඒ මට්‌ටමේ (අවකාශයක්‌ විතරයි තියෙන්නෙ කියන මට්‌ටමේ) තණ්‌හා උපාදානයක්‌ ඇතිවයි එයා ඊළ`ග භවයට යන්නෙ.

මෙහෙම බලනකොටත් පැහැදිලි වෙනව ස්‌පර්ශ ආයතන හයේ (“ඉන්කමින්වල”) නෙමෙයි දෝෂය තියෙන්නෙ කියන එක.

දැකීමෙන් පස්‌සෙ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් සංඛාර නිරුද්ධ වෙනව. සංඛාර හිටින්නෙ නෑ. පෙනෙන දේ හටගෙන නැති වෙනව කියන එක නො දන්නා අවිද්‍යාව තිබුණොත් සංඛාරය ද නිරුද්ධ වෙන්නෙ නැහැ.

ස්‌පර්ශ ආයතන හයට ම යමක්‌ එනව. පෙනෙන ඇහෙන හැම දේකට ම යමක්‌ කරනව හිතනව. හැබැයි ස්‌පර්ශ ආයතන හය ම නිරවශේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියන නුවණ කෙනකුට තියෙනව නම් ඒ තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්‌ වත් එතන නැහැ. එහෙම කෙනාට යන්න තියෙන තුන් භූමියෙ ම (කාම, රූප, අරූප භව) අටළොස්‌ ධාතුව ම නිරුද්ධයි. ආයතන 12 ම නිරුද්ධයි. පංච උපාදාන ස්‌කන්ධය ම නිරුද්ධයි. ඒ මට්‌ටමට කියනව රහතන්වහන්සේ කියල.

“ඉන්කමින්” කියල කිව්ව ස්‌කන්ධ ටික අවිද්‍යා පච්චයා කියන චක්‍රයට ඇතුළු කරන්න එපා. ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ආදි වශයෙන් කියන මේ ටික අවිද්‍යාව හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බැහැ.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට මෙතන තියෙන්නෙ ස්‌කන්ධ ටික. ස්‌පර්ශය නිසා මේ පෙනෙන දේ හටගන්නව ස්‌පර්ශය නැති වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනව කියන තැනක මනස තියාගන්න. කණ්‌ණාඩියට එබුණොත් එබුණ හින්ද ඡායාව හටගත්ත, එබෙන්න පෙර එහෙම ඡායාවක්‌ තිබුණෙ නැහැ. එබුණ හින්දමයි හටගත්තෙ. හිස අහකට ගත්තම ඒ ඡායාව ද නැති වෙනව කියන තැන හිත තියාගෙන කණ්‌ණාඩියෙ තියෙන ඡායාව ගැන ඕන දෙයක්‌ හිතන්න. කරන්න බනින්න ගහන්න. ප්‍රශ්නයක්‌ වෙන්නෙ නැහැ.

අන්න ඒ වගේ මේ පෙනෙන දේ අරභයා දකින්න පෙර තිබුණ නෙමෙයි, දැක්‌කයින් පස්‌සෙ තියෙනව නෙමෙයි, ආයතනයන් ගෙන් උපද්දවපු දෙයක්‌ විතරමයි පෙනෙන්නෙ කියන තැනක නම් මනස තියෙන්නෙ මේ අරමුණු අරභයා මොන දේ කිව්වත් කෙරුවත් හිතුවත් සංඛාර නිරුද්ධයි.

මේ කිසි කෙනකුට ස්‌පර්ශ ආයතන හයේ ම පෙනෙන්නෙ පෙර නො තිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරුද්ධ වෙනවා කියන දේ නම් ඒ මනසට කියනව අපරියාපන්නයි කියල.

ස්‌පර්ශ ආයතන හය ම හටගෙන නිරුද්ධ වෙද්දි හය ම ඇති බවට නිමිති හදාගෙන ඒ හය ම හොයාගෙන යන මට්‌ටමට කාමාවචර කියල කියනව.

ස්‌පර්ශ ආයතන හයට ම අරමුණු ආවත් ආයතන තුනක්‌ විතරක්‌ ග්‍රහණය කරගෙන ඒ තුන විතරක්‌ (ඇති බව සිතා) ආපහු හොයාගෙන යන මට්‌ටමට රූපාවචර කියල කියනව.

ආයතන හයෙන් ම අරමුණු එද්දි හයේ ම අනිත්‍ය දකිනව අවකාශය විතරයි තියෙන්නෙ කියන මට්‌ටම නම් තියෙන්නෙ ඒ මට්‌ටමට අරූපාවචරයි කියනව.

ස්‌පර්ශ ආයතන හයේ ම නිරෝධය දකිනව එකකට වත් නිමිති ඇති කරගන්නෙ නැහැ වුණොත් ඒ මට්‌ටමට කියනව සෝපාදිශේෂ නිබ්බාණ කියල.

ඇහැ උපාදාන කරන්නෙ (ඇති බවට අල්ල ගන්නෙ) නැති ව, රූපය උපාදාන කරන්නෙ නැති ව, චක්‌ඛු විඤ්ඤාණය උපාදාන කරන්නේ නැති ව, චක්‌ඛු සම්පස්‌සය උපාදාන කරන්නෙ නැති ව විඳිනව. එහෙම ජීවත් වීමෙ දි ඇති බවට කිසිවක්‌ හිටින්නෙ නැහැ. අවිද්‍යාව ශේෂයක්‌ වත් නැහැ. ස්‌කන්ධ පරිහරණයක්‌ පමණයි තියෙන්නෙ. ආයතන ටික නිසා ඇති පැවැත්ම පමණක්‌ තියෙනව. කර්ම කෙළෙස්‌ ඔක්‌කොම අතහැරල.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුණයින් පස්‌සෙත් තමන් ගෙ මනසෙ දෙපැත්තෙ යෙදෙන්න නිමිති නැත්නම් කෙලෙස්‌ නැත්නම් ඉබේ ම දට්‌ඨෙ දිට්‌ඨ මත්ථං වෙනව.

එහෙම කෙනාට ප්‍රත්‍යක්‌ෂ ඥානයක්‌ උපදිනව ශාසනයට ආවෙ යමකට ද ඒ අරභයා මතුවට කළ යුත්තක්‌ නැහැ කළ යුත්ත කළා කියල. ආයෙ උපදින්නෙ නැහැ කියල තමන්ට ම වැටහෙනව.

මෙතන දි එක කාරණාවක්‌ දකින්න. හේතුඵල දහම කැටි කරල ගත්තොත් බුදුරජාණන්වහන්සෙ පෙන්නන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්‌කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගාව යෙදෙන්නෙ කාම උපාදානය. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ය, රත්තරන් ය, රිදී ය, මුතු මැණික්‌ ය, ගෙවල් දොරවල් ය කියල කාම උපාදාන. රූපය ආත්මයක්‌ රූපය ඇසුරු කරගෙන සත්ත්වයෙක්‌ ඉන්නව කියල උපාදානය. මේ රූපය ඒ කියන්නෙ කන බොන ආහාරයෙන් හැදුණු ස්‌කන්ධ ටික දකිනකොට ම අපේ මනසෙ මේ උපාදානය යෙදෙනව.

මේකට කිව්ව උපාදාන ස්‌කන්ධය කියල. රූපය උපදින කොට කෙනකු ගෙ මනසෙ පවතින්නෙ උපාදානයක්‌ නම් මේ රූපය විපරිනාම වෙනකොට ඒ කෙනා විඳින්නෙ පංච උපාදානස්‌කන්ධ දුකක්‌.

ඒ කියන්නෙ රූපය අනාත්ම වූ ස්‌කන්ධයක්‌. කෙනා තුළයි සත්ත්වයා පුද්ගලයා කියන උපාදානය තියෙන්නෙ. ඒ කෙනා ස්‌කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානය දන්නෙත් නැත්නම් ඒ කියන්නෙ රූපය ආහාරයෙන් හැදුණ දෙයක්‌ කියල දන්නෙත් නෑ. එහෙව් රූපය දකිනකොට තමා තුළ පුද්ගල සංඥාව උපදින බව දන්නෙත් නැත්නම් ඒ කෙනාට පෙනෙන්නෙ රූපය පුද්ගලයකු හැටියටයි. විඳින්නෙ පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ලෙඩ වුණා. මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌ එන්නෙ. ඒ දුකට හේතුව ස්‌කන්ධ ටික නෙමෙයි උපාදානය. උපාදානය කැති කළොත් මේ දුකෙන් මිදෙනව.

1-1මූලපරියාය සුත්‍රය

Posted on

EXPLANATORY NOTES BY

Ven Thanissaro Maha Thero:

The Buddha taught that clinging to views is one of the four forms of clinging that tie the mind to the processes of suffering. He thus recommended that his followers relinquish their clinging, not only to views in their full-blown form as specific positions, but also in their rudimentary form as the categories & relationships that the mind reads into experience. This is a point he makes in the following discourse, which is apparently his response to a particular school of Brahmanical thought that was developing in his time — the Samkhya, or classification school.


This school had its beginnings in the thought of Uddalaka, a ninth-century B.C. philosopher who posited a “root”: an abstract principle out of which all things emanated and which was immanent in all things. Philosophers who carried on this line of thinking, offered a variety of theories, based on logic and meditative experience, about the nature of the ultimate root and about the hierarchy of the emanation. Many of their theories were recorded in the Upanishads and eventually developed into the classical Samkhya system around the time of the Buddha.

Although the present discourse says nothing about the background of the monks listening to it, the Commentary states that before their ordination they were brahmans, and that even after their ordination they continued to interpret the Buddha’s teachings in light of their previous training, which may well have been proto-Samkhya. If this is so, then the Buddha’s opening lines — “I will teach you the sequence of the root of all phenomena” — would have them prepared to hear his contribution to their line of thinking. And, in fact, the list of topics he covers reads like a Buddhist Samkhya. Paralleling the classical Samkhya, it contains 24 items, begins with the physical world (here, the four physical properties), and leads back through ever more refined & inclusive levels of being & experience, culminating with the ultimate Buddhist concept: Unbinding (nibbana). In the pattern of Samkhya thought, Unbinding would thus be the ultimate “root” or ground of being immanent in all things and out of which they all emanate.

However, instead of following this pattern of thinking, the Buddha attacks it at its very root: the notion of a principle in the abstract, the “in” (immanence) & “out of” (emanation) superimposed on experience. Only an uninstructed, run of the mill person, he says, would read experience in this way. In contrast, a person in training should look for a different kind of “root” — the root of suffering experienced in the present — and find it in the act of delight. Developing dispassion for that delight, the trainee can then comprehend the process of coming-into-being for what it is, drop all participation in it, and thus achieve true Awakening.

If the listeners present at this discourse were indeed interested in fitting Buddhist teachings into a Samkhyan mold, then it’s small wonder that they were displeased — one of the few places where we read of a negative reaction to the Buddha’s words. They had hoped to hear his contribution to their project, but instead they hear their whole pattern of thinking & theorizing attacked as ignorant & ill-informed. The Commentary tells us, though, they were later able to overcome their displeasure and eventually attain Awakening on listening to the discourse reported in AN 3.123.

Although at present we rarely think in the same terms as the Samkhya philosophers, there has long been — and still is — a common tendency to create a “Buddhist” metaphysics in which the experience of emptiness, the Unconditioned, the Dharma-body, Buddha-nature, rigpa, etc., is said to function as the ground of being from which the “All” — the entirety of our sensory & mental experience — is said to spring and to which we return when we meditate. Some people think that these theories are the inventions of scholars without any direct meditative experience, but actually they have most often originated among meditators, who label (or in the words of the discourse, “perceive”) a particular meditative experience as the ultimate goal, identify with it in a subtle way (as when we are told that “we are the knowing”), and then view that level of experience as the ground of being out of which all other experience comes.

Any teaching that follows these lines would be subject to the same criticism that the Buddha directed against the monks who first heard this discourse.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි මහසාල  රුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි” භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුහු ”ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළසේක.

2. මහණෙනි, තොපට සියලු සත්කායධර්මයනට මුල්වන මුලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.


3. මහණෙනි, මේ ලෝකයෙහි ආර්යයන් නො දක්නාසුලු ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ  සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගම රහිත වූ) පෘථග්ජන තෙමේ පඨවිය (The property of Hardness),  පඨවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥා විපල්ලාස  වශයෙන්) හඳුනයි.

පඨවිය පඨවිය වශයෙන් හැඳින පඨවිය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. “මම පඨවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පඨවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පඨවිය මගේ” යි හඟියි. පඨවිය අභිනන්දනය කෙරෙයි. (See Notes Below)

ඒ කවර හෙයින්ද යත්   පඨවිය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

EXPLANATION:

The four great elements of Patawi, Apo, Thejo Wayo are the principle building blocks or better still basic elements of our world and this existence.  The element of Hardness named as PATAWI is not “earth”, It is the property of hardness found in all and everything. It is a major part of you and me, our bodies I mean. This hard part we touch and see as Me,.  my body, I am, Me and My. This misunderstanding ( PerversionVipallasa) where “a property” of the hardness being recognised as me and I, causes us to grasp on to other things that are based on the same element as pleasurable and praiseworthy. (අභිනන්දනය )


4. ආපය (The property of motion) ආපය වශයෙන් (සංඥාවිපර්යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැර වෙමි” යි හඟියි. “ආපය මාගේ” යි හඟියි. ආපය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

5. තෙජස (The property of hot or coldness) තෙජොවශයෙන් (සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. තෙජස තෙජොවශයෙන් හැඳින තෙජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තෙජසෙහි පිහිටියෙමි” යි හඟියි. “තෙජසින් බැහැර වෙමි” යි හඟියි. “තෙජස මාගේ” යි හඟියි. තෙජස අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : තෙජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

6. වායුව (The property of space) වායු වශයෙන් (සංඥා විපර්යාසවශයෙන්) හඳුනයි. වායුව වායුවශයෙන් හැඳින වායුව (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. “මම වායුවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායුවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායුව මාගේ” යි හඟියි. වායුව අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

7. භූතයන් (චාතුර්මහාරාජිකයෙන් යට සත්වයන්) භූතයන් වශයෙන් (සංඥා  විපල්ලාසයෙන්)  හඳුනයි.  භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥා  විපල්ලාසයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්දනය කෙරෙයි. ඒ කවරහෙයින්ද යත් : දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

9. ප්‍රජපතීහු (මාරයා) ප්‍රජපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජපතීහු ප්‍රජපතීහු වශයෙන් හැඳින ප්‍රජපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජපතීයා මගේ” යි හඟියි. ප්‍රජපතීහු අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : ප්‍රජපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

11. ආභස්සර (බ්‍රහ්ම)යන් අභස්සරයන් වශෙයන් හඳුනයි. අභස්සරයන් වශෙයන් හැඳින අභාස්සරයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභස්සරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභස්සරයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභස්සරයන් මගේ” යි හඟියි. අභස්සරයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : අභස්සරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

12. සුභකින්නයන් සුභකින්නයන් වශෙයන් හඳුනයි. සුභකින්නයන් සුභකින්නයන් වශෙයන් හැඳින සුභකින්නයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සුභකින්නයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. සුභකින්නයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “සුභකින්නයන් මගේ” යි හඟියි. සුභකින්නයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : සුභකින්නයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

13. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශෙයන් හඳුනයි. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශෙයන් හැඳින වෙහප්ඵලයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. වෙහප්ඵලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. වෙහප්ඵලයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “වෙහප්ඵලයන් මගේ” යි හඟියි. වෙහප්ඵලයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : වෙහප්ඵලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

14. අභිභූන් අභිභූන් වශෙයන් හඳුනයි. අභිභූන් අභිභූන් වශෙයන් හැඳින අභිභූන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභිභූන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභිභූන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභිභූන් මගේ” යි හඟියි. අභිභූන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : අභිභූන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

15. අකාසානඤ්චායතනය (තද්භූමක වූ කුශල – විපාක – ක්‍රියා වශයෙන් පවත්නා චතුර්විධ නාම ස්කන්ධ) අකාසානඤ්චායතනය වශෙයන් හඳුනයි. අකාසානඤ්චායතනය අකාසානඤ්චායතනය වශෙයන් හැඳින අකාසානඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අකාසානඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අකාසානඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අකාසානඤ්චායතනය මගේ” යි හඟියි. අකාසානඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : අකාසානඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

16. විඤ්ඤාණඤ්චායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) විඤ්ඤාණඤ්චායතනය වශෙයන් හඳුනයි. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය වශෙයන් හැඳින විඤ්ඤාණඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “විඤ්ඤාණඤ්චායතනය මගේ” යි හඟියි. විඤ්ඤාණඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : විඤ්ඤාණඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

17. ආකිඤ්චඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) ආකිඤ්චඤ්ඤායතනය වශෙයන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය වශෙයන් හැඳින ආකිඤ්චඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආකිඤ්චඤ්ඤායතනය මගේ” යි හඟියි. ආකිඤ්චඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආකිඤ්චඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

18. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වශෙයන් හඳුනයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වශෙයන් හැඳින නෙවසඤ්ඤානාසඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මගේ” යි හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : නෙවසඤ්ඤානාසඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

19. දක්නාලද්ද (රූපායතනය) රූපායතන වශයෙන් හඳුනයි. රූපායතනය රූපායතනය වශෙයන් හැඳින රූපායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. රූපායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. රූපායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “රූපායතනය මාගේය” යි හඟියි. රූපායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : රූපායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

20. අසනලද්ද (ශබ්දායතනය) ශබ්දායතනය වශයෙන් හඳුනයි. ශබ්දායතනය ශබ්දායතනය වශෙයන් හැඳින ශබ්දායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ශබ්දායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ශබ්දායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ශබ්දායතනය මාගේය” යි හඟියි. ශබ්දායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ශබ්දායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

21. මුතය (ස්පර්ශයෙන් = හැපීමෙන් ගත් ගන්ධරසඵොට්ඨබ්බායතන) මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශෙයන් හැඳින මුතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “මුතය මාගේය” යි හඟියි. මුතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මුතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයතන සත හෝ ධම්මාරම්මණය) විඤ්ඤාත වශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාත වශයෙන් හැඳින විඤ්ඤාතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. විඤ්ඤාතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “විඤ්ඤාතය මාගේය” යි හඟියි. විඤ්ඤාතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

23. එකත්වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්ධ) එකත්ව වශයෙන් හඳුනයි. එකත්වය එකත්ව වශයෙන් හැඳින එකත්වය ආත්මය යි හඟියි. එකත්වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. එකත්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “එකත්වය මාගේය” යි හඟියි. එකත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: එකත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

24. නානාත්වය (පඤ්චස්කන්ධය) නානාත්ව වශයෙන් හඳුනයි. නානාත්වය නානාත්ව වශයෙන් හැඳින නානාත්වය ආත්මය යි හඟියි. නානාත්වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. නානාත්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “නානාත්වය මාගේය” යි හඟියි. නානාත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නානාත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

25. සර්වය (සියළු සත්කායධර්ම) සර්ව වශයෙන් හඳුනයි. සර්වය සර්ව වශයෙන් හැඳින සර්වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්වය මාගේය” යි හඟියි. සර්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සර්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

26. නිර්වාණය (පරමදිට්ඨධම්මනිබ්බානය) නිර්වාණ වශයෙන් හඳුනයි. නිර්වාණය නිර්වාණ වශයෙන් හැඳින නිර්වාණය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්වාණය මාගේය” යි හඟියි. නිර්වාණය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නිර්වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

(අශ්‍රැතවත් පෘතග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය යි)

27. මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අහීත්තවය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

28. ආපොධාතුව… තෙජොධාතුව… වායොධාතුව… භුතනය්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නෙවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… එකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය… නිබ්බාන වශයෙන් වෙසෙසින් දනී. (දාෂ්ටධර්ම) නිර්වාණය නිර්වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්වාණය ආත්ම ය යි (දිට්ඨි වශයෙන් මඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “නිර්වාණය මාගේ ය” යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණය (දිට්ඨිමඤ්ඤනායෙන් අභිනන්දනය නො කරන්නේ නමුදු තණ්හාමානමඤ්ඤනායෙන්) අභිනන්දනය නො කරන්නෙත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් දාෂ්ටධර්මනිර්වාණය පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

(ශෛක්ෂයා පිලිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය යි)

29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි ස්වාර්ථ (රහත්පල) ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි නො හඟියි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

30. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තණ්හාදිමඤ්ඤනායෙන්) නො හඟියි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි නො හඟියි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය යි)

31. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හා ආදීන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

32. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් ද්විතීයනයයෙහි සතරවැනිභූමි පරිච්ඡේදය යි)

33. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේශය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

34. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේශය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් තෘතීයනයයෙහි පස්වැනිභූමි පරිච්ඡේදය යි)

35. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්ෂීණ වීමෙන් වීතමොහ වූ හෙයිනි.

36. අප්… තෙජස්… (පරමදාෂ්ටධර්මනිර්වාණය) නිර්වාණ වශයෙන් දනියි. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මොහය ක්ෂීණ වීමෙන් වීතමොහ වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් චතුර්ථනයයෙහි ෂෂ්ඨභූමි පරිච්ඡේදය යි)

37. අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

38. අප්… තෙජස්… පරමදාෂ්ටධර්මනිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් නිරවශේෂයෙන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

(ශාස්තෘ වශයෙන් ප්‍රථමනයෙහි සප්තභූමි පරිච්ඡේදය යි)

39. මහණෙනි, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්දිසඬඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

40. අප්… තෙජස්… (පරමදාෂ්ටධර්ම)නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්දිසඬඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

(ශාස්තෘ වශයෙන් ද්විතීයනයෙහි අෂ්ටමභූමි පරිච්ඡේදය යි)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වුහු. (එහි අර්ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)

පළමුවන මුලපරියාය සුත්‍රය යි.

BUDDHA JAYANTHI TIPITAKA බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පෙල

Posted on

1956 වසරේදී ශ්‍රී ලංකා රජය පාලියෙන් පමණක් කියවන්නට තිබුණු ත්‍රිපිටක ග්‍රන්ථ පෙළ සිංහල  භාෂාවට  පරිවර්තනය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යන්සයට මුදල් ප්‍රතිපාදන සහ අනුග්‍රහය දක්වන ලදී. ප්‍රවීණ පණ්ඩිත ස්වාමින්වහන්සේලේ බොහෝ දෙනෙක් ඇතුළුවූ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය මෙම ඇති භාරදුර්ය කටයුත්ත නිමකොට අන්තිම ග්‍රන්ථ ය එලි දැක් වුයේ 1990 වසරේදීය. මෙම පොත් පෙලට පොත් 40ක් අඩංගුවේ.  මුල් මුධ්රන කටයුතු රජයේ වියදමින් රාජ්‍ය ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සිදු විය. දැන් මෙම කාර්යය සිදුකරන්නේ දෙහිවල නැදිමාලේ බෞද්ධ සංකෘතික මධ්‍යස්ථානය මගින්ය. අතිවිශාල මිලකට මෙම පොත් පෙළ මිලට ගානට නොහැකි බෞද්ධයනට්ට පිහිට වනු පිණිස සත්ගුණවත් සමිධි රණසිංහ මහත්මා මී පොත් අන්තර්ජාලයට එක කර ඇත.

The Government of Sri Lanka sponsored the Translation of Tipitaka in to Sinhala on 1956 and the project was undertaken by a prominent team of scholars from the sangha community. This gigantic task was completed only on 1990 January with the publication of the last book by the Government Publisher.

As some people are trying to publish their own versions and interpretations of tipitaka as genuine we believe Sinhala Public should read the authentic translation so meticulously carried out by our sangha fathers before jumping on the band wagon of new versions of Tipitaka.

The series comprises of 40 volumes and 57 books.  The series fills  book case Almira. In order to make it available for the public and preserve it  Mr Saminda Ranasinghe embarked on converting the printed books to electronic versions.  He deserves the merits of all this hard work.

Please Right click the book title and select save target as and save the PDF file on to your hard disc for reading on the computer screen or to get it printed later.

YOU NEED NEW ADOBE READER VESRION 9 to OPEN THESE FILES. You can download and install the free software from GET ADOBE READER

Adobe Reader

 Deegha Nikaya දීඝ නිකාය 

Deegha Nikaya_Part 1

Deegha Nikaya Part 2

Deegha Nikaya Part 3

 Majjima Nikaya මජ්ජිම නිකාය 

Majjima Nikaya Part 1

Majjima Nikaya Part 2

Majjima Nikaya Part 3

 Samutta Nikaya සංයුත්ත නිකාය 

Samutta Nikaya Part 1

Samutta Nikaya Part 2

Samutta Nikaya Part 3

Samutta Nikaya Part 4

Samutta Nikaya Part  5-1

Samutta Nikaya Part 5-2

 Anguttara Nikaya අංගුත්තර නිකාය 

Anguttara  Nikaya Part 1

Anguttara Nikaya Part 2

Anguttara Nikaya Part 3

Anguttara Nikaya Part 4

Anguttara Nikaya Part  5

Anguttara Nikaya Part  6

 Kuddaka Nikaya කුද්ධක නිකාය 

Kuddaka Patha

Sutta Nipata

Vimana Wattu Peta watta

Thera Gatha Their Gatha

Jathaka Pali_Part1

Jathaka Pali_Part2

Jathaka Pali_Part3

Maha Niddesa Paliya

Cula Niddesa Paliya

Patisammpada Magga Prakaranaya-1

Patisammpada Magga Prakaranaya-2

Apadana Pali-1

Apadana Pali-2_1

Apadana Pali-2-2

Buddawansa Chariya Pitakaya

Netti Prakaranaya

Petakopadesaya  (A very important part of Tipitaka that is being ignored due to ignorance)

 Abhidhamma pitakaya අභිධර්ම පිටකය 

Dhammasangani Prakaranaya

Vibhanga Prakaranaya-1

Vibhanga Prakaranaya-2

Kathawattu Prakaranaya-1

Kathawattu Prakaranaya-2

Kathawattu Prakaranaya-3

Datukatha Puggala Pannatti

Yamaka Prakaranaya-1

Yamaka Prakaranaya-2-1

Yamaka Prakaranaya-2-2

Pattana Prakaranaya -1

Pattana Prakaranaya -2

Pattana Prakaranaya -3

 Vinaya Pitakaya

Parajika Paliya

Pacitta  Pali-Bhikku Vibhanga

Pacitta  Pali Bhikkuni Vibhanga

Maha Vagga Pali-1

Maha Vagga Pali-2

Cula Vagga Pali-1

Cula Vagga Pali-2

Parivara Pali-1

Parivara Pali-1