RSS Feed

Category Archives: Uncategorized

SN 02 නිදාන වර්ගය

Posted on
නිදාන සංය්ක්තය
1. පටිච්ච සමුප්පාද සූත්‍රය
2. විභඩ්ග සූත්‍රය
3. ප්‍රතිපදා සූත්‍රය
4. විපස්සී සූත්‍රය
5. සිඛී සූත්‍රය
6. වෙස්සභූ සූත්‍රය
7. කකුසඳ සූත්‍රය
8. කෝනාගම සූත්‍රය
9. කස්සප සූත්‍රය
10. ගෞතම සූත්‍රය
2. ආහාර වර්ගය
1. ආහාර සූත්‍රය
2. ඵග්ගුන සූත්‍රය
3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
6. ධර්ම කථික සූත්‍රය
7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිත සූත්‍රය
10. ප්‍රත්‍යය සූත්‍රය
3. දසබල වර්ගය
1. දසබල සූත්‍රය
2. දසබල සූත්‍රය
3. උපනිසා සූත්‍රය
4. අඤ්ඤතිත්ථිය සූත්‍රය
5. භූමිජ සූත්‍රය
6. උපවාණ සූත්‍රය
7. පච්චය සූත්‍රය
8. භික්ෂු සූත්‍රය
9. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
4. කළාරඛත්තිය වර්ගය
1. භූතමිදං සූත්‍රය
2. කළාරඛත්තිය සූත්‍රය
3. ඤාණවත්ථු සූත්‍රය
4. ඤාණවත්ථු සූත්‍රය
5. අවිජ්ජා සූත්‍රය
6. අවිජ්ජා සූත්‍රය
7. නතුම්හාක සූත්‍රය
8. චේතනා සූත්‍රය
9. චේතනා සූත්‍රය
10. චේතනා සූත්‍රය
5. ගහපති වර්ගය
1. පඤ්චවෙර භය සූත්‍රය
2. පඤ්චවේරභය සූත්‍රය
3. දුක්ඛ සූත්‍රය
4. ලෝක සූත්‍රය
5. ඤාතික සූත්‍රය
6. අඤ්ඤතර සූත්‍රය
7. ජාණුස්සෝණි සූත්‍රය
8. ලෝකායතික සූත්‍රය
9. ආර්යශ්‍රාවක සූත්‍රය
10. ආර්යශ්‍රාවක සූත්‍රය
6. දුක්ඛ වර්ගය
1. පරිවීමංසමාන සූත්‍රය
2. උපාදාන සූත්‍රය
3. සංයෝජන සූත්‍රය
4. සංයෝජන සූත්‍රය
5. මහාරුක්ඛ සූත්‍රය
6. මහාරුක්ඛ සූත්‍රය
7. තරුණ රුක්ඛ සූත්‍රය
8. නාමරූප සූත්‍රය
9. විඤ්ඤාණ සූත්‍රය
10. නිදාන සූත්‍රය
7. මහා වර්ගය
1. අස්සුතවන්තු සූත්‍රය
2. අස්සුතවන්තු සූත්‍රය
3. පුත්‍ර මාංශ සූත්‍රය
4. රාග සූත්‍රය
5. නගර සූත්‍රය
6. සම්මසන සූත්‍රය
7. නළකලාපිය සූත්‍රය
8. කෝසම්බී සූත්‍රය
9. උපයන්ති සූත්‍රය
10. සුසීම සූත්‍රය
8. ශ්‍රමණ බ්‍රාහ්මණ වර්ගය
1. පච්චය සූත්‍රය
2-11. ජාති සූත්‍රය ආදී වූ දහය
9. අන්තර පෙය්යාලය
1. සත්ථු වර්ගය
2-11. දෙවැනි සත්ථු සූත්‍රය ආදී වූ දහය
2-12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ

Posted on

එකො ධම්මො

number-1

1.     උපකාරක ධර්මය අප්‍රමාදය
2.    වැඩිය යුතු ධර්මය කායගතා සතිය
3.    පිරිසිඳ දත යුතු ධර්මය ස්පර්ශය
4.    දුරුකට යුතු ධර්මය අසමි මානය
5.    පිරිහීමට හේතුවන ධර්මය අයෝනිසෝ මනසිකාරය
6.    දියුණුවට හේතුවන ධර්මය යෝනිසෝ මනසිකාරය
7.    අවබෝධ කට යුතු ධර්මය ආනන්තරික චිත්ත සමාධිය
8.    ඉපිදවිය යුතු ධර්මය ප්‍රත්‍යාවෙක්ෂණ ප්‍රඥාව
9.    විශේෂ නුවනින් දතයුතු ධර්මය ආහාරය
10.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්මය චිත්ත විමුක්තිය

ද්වෙ ධම්ම

number-2

11.             උපකාරක ධර්ම දෙකකි සති , සම්පජඥය
12.            වැඩිය යුතු ධර්ම දෙකකි සමථ, විදර්ශනා
13.            පිරිසිඳ දත යුතු ධර්ම දෙකකි නාම, රූප
14.            දුරුකට යුතු ධර්ම දෙකකි අවිද්‍යාව, භාව රාගය
15.            පිරිහීමට හේතුවන ධර්ම දෙකකි අකීකරුබව සහ පවිටු ආශ්‍රය
16.            දියුණුවට හේතුවන ධර්ම දෙකකි කීකරුබව සහ කලණ ඇසුර
17.            අවබෝධ කට යුතු ධර්ම දෙකකි කෙලෙසීමට ප්‍රත්‍ය සහ පිරිසිදුවීමට ප්‍රත්‍ය ධර්ම
18.            ඉපිදවිය යුතු ධර්ම දෙකකි ක්ෂය ඥානය, අනුප්පාද ඥානය
19.            විශේෂ නුවනින් දතයුතු ධර්ම දෙකකි සංකත ධාතු = පංචස්කන්ධය සහ අසන්කත  ධාතුව = නිර්වාණය
20.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දෙකකි විද්‍යා තුන සහ රහත් බව

තයො ධම්මා
number-3

 

21.             උපකාරක ධර්ම තුනකි කල්‍යාන මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝ මනසිකාරය
22.            වැඩිය යුතු ධර්ම තුනකි ප්‍රථම, ද්වීතිය සහ තෘතීය ධ්‍යාන
23.            පිරිසිඳ දත යුතු ධර්ම තුනකි දුක්ඛ වේදනා, සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා
24.            දුරුකට යුතු ධර්ම තුනකි කාම තන්හා භාව තන්හා විභව තන්හා
25.            පිරිහීමට හේතුවන ධර්ම තුනකි ලෝභ, දෝෂ , මෝහ
26.            දියුණුවට හේතුවන ධර්ම තුනකි අලෝභ, අදෝෂ, අමෝහ
27.            අවබෝධ කට යුතු ධර්ම තුනකි අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය
28.            ඉපිදවිය යුතු ධර්ම තුනකි අතීත සමරන ඥානය, වර්තමාන ය පිබඳ සතිය, අනාගත ස්කන්ධ ඥානය
29.            විශේෂ නුවනින් දතයුතු ධර්ම තුනකි අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, අරහත් ඵලය
30.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම තුනකි කාම ධාතු, රූප ධාතු, අරුප ධාතු

චත්තාරො ධම්මා
number-4


චත්තාරො ධම්මා

 

31.             උපකාරක ධර්ම හතරකි සුදුසු පෙදෙසක වාසය, කලන ඇසුර,නිවැරදි මග, පෙර කල පින් ඇති බව
32.            වැඩිය යුතු ධර්ම හතරකි සතර සතිපට්ඨාන ධර්මයෝ
33.            පිරිසිඳ දත යුතු ධර්ම හතරකි සතර ආහාර
34.            දුරුකට යුතු ධර්ම හතරකි කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕග අවිද්‍යා ඕඝ
35.            පිරිහීමට හේතුවන ධර්ම හතරකි කාම  යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, අවිද්‍යා යෝගය
36.            දියුණුවට හේතුවන ධර්ම හතරකි කාම  යෝගයෙන් මිදීමය, භව යෝගයෙන් මිදීමය, දිට්ඨි යෝගයෙන් මිදීමය, අවිද්‍යා යෝගයෙන් මිදීමය
37.            අවබෝධ කට යුතු ධර්ම හතරකි හාන භාගිය සමාධිය,  ටිති භාගිය සමාධිය, විශේෂ භාගිය සමාධිය, නිර්වේද භාගිය සමාධිය
38.            ඉපිදවිය යුතු ධර්ම හතරකි ධර්මඥාන , අන්වය ඥානය, පරිච්චේද ඥානය, සම්මුති ඥානය
39.            විශේෂ නුවනින් දතයුතු ධර්ම හතරකි සතර ආර්ය සත්‍යයෝ
40.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතරකි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල

පඤ්ච ධම්මා
number-5

පඤ්ච ධම්මා

41.             උපකාරක ධර්ම පහකි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා,
42.            වැඩිය යුතු ධර්ම පහකි පළමු ද්විතිය තෘතීය ධ්‍යානවල ප්‍රඥාව චේතස්ඵරන තාව, ආලෝක ස්ඵරන තාව
43.            පිරිසිඳ දත යුතු ධර්ම පහකි පංච උපාදානස්කන්ධ
44.            දුරුකට යුතු ධර්ම පහකි පංච නීවරණ
45.            පිරිහීමට හේතුවන ධර්ම පහකි බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මය සහ සන්ඝයා කෙරෙහි සැක, ශික්සාව කෙරෙහි සැකය, සබ්‍රහ්මචාරින් කෙරෙහි චිකිච්චා,
46.            දියුණුවට හේතුවන ධර්ම පහකි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය,සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය
47.            අවබෝධ කට යුතු ධර්ම පහකි පංච නිස්සරනීය ධාතු
48.            ඉපිදවිය යුතු ධර්ම පහකි පංච ඥානික  සම්‍යක් සමාධි
49.            විශේෂ නුවනින් දතයුතු ධර්ම පහකි පංච විමුක්ති ආයතන
50.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම පහකි ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන,) විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යවෙක්ෂා ඥාන)

ඡ ධම්මා
number-6
 

ඡ ධම්මා

 

 

51.             උපකාරක ධර්ම සයකි මෛත්‍රිසහගත කායකර්මය
මෛත්‍රීසහගත වාක්කර්මය,
මෛත්‍රී සහගත මනොකර්මය

සමව බෙදාගෙන පරිභෝගය
සීලයෙන් සමව විසීම
දෘෂ්ඨි සාමාන්යතාව

52.            වැඩිය යුතු ධර්ම සයකි බුද්ධානුස්මෘතිය
ධර්මානුස්මෘතිය
සන්ඝානුස්මෘතිය
සීලානුස්මෘතිය
ත්‍යාගානුස්මෘතිය
දේවතානුස්මෘතිය
53.            පිරිසිඳ දත යුතු ධර්ම සයකි චක්ෂු ආයතනය

ශ්‍රොත ආයතනය

ඝ්‍රාන  ආයතනය

ජිව්හා ආයතනය

කාය ආයතනය

මනස් ආයතනය

54.            දුරුකට යුතු ධර්ම සයකි රූප තන්හා

ශබ්ද තන්හා

ගන්ධ තන්හා

රස තන්හා

ස්පර්ශ තන්හා

ධර්ම තන්හා

55.            පිරිහීමට හේතුවන ධර්ම සයකි භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මයෙහි, ගෞරව නැතිව විසීම
56.            දියුණුවට හේතුවන ධර්ම සයකි භාග්‍යවතුන් වහන්සේ ගැන , ශික්ශාවෙහි,අප්‍රමාදයෙහි, ආමිස හි සහ ධර්මය කෙරෙහි ගෞරව සහිතව විසීම
57.            අවබෝධ කට යුතු ධර්ම සයකි මෙත්තා සමාධිය, කරුණා සමාධිය, මුදිතා සමාධිය , උපේක්ෂා සමාධිය, අනිමිත්ත චේතෝ විමුක්තිය , මමායනත්වය
58.            ඉපිදවිය යුතු ධර්ම සයකි රූප සඥා උපේක්ෂාව, ශබ්ධ සඥා උපේක්ෂාව , ඝන්ධ සඥා උපේක්ෂාව, රස සඥා උපේක්ෂාව, පොට්ටබ්භ සඥා උපේක්ෂාව ,
59.            විශේෂ නුවනින් දතයුතු ධර්ම සයකි දස්සනානුත්තරිය, සවනානුස්තරිය,ලාභානුත්තරිය, සික්ඛනුත්තරිය, පාරිචයානුත්තරිය,

අනුස්සනානුත්තරිය

60.            ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම සයකි අභිඥා සය

සත්ත ධම්මා
number-7

  උපකාරක ධර්ම හතකි ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි (ලජ්ජා) ධනය, ඔත්තප්ප (බිය) ධනය, ශ්‍රැත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය,
  වැඩිය යුතු ධර්ම හතකි ස්මෘති සම්බොද්ධ්‍යංගය, ධර්මවිචය සම්බොද්ධ්‍යංගය, වීර්යය සම්බොධ්‍යාංගය, ප්‍රීති සම්බොද්ධ්‍යංගය, පස්සද්ධි සම්බොද්ධ්‍යංගය, සමාධි සම්බොද්ධ්‍යංගය, උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය
  පිරිසිඳ දත යුතු ධර්ම හතකි විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සත
  දුරුකට යුතු ධර්ම හතකි කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය
  පිරිහීමට හේතුවන ධර්ම හතකි ශ්‍රද්ධා නැත්තෙක් වේද, ලජ්ජා නැත්තෙක් වේද, බිය නැත්තෙක් වේද, ඇසූ පීරූ තැන් නැත්තෙක් වේද, කුසීතයෙක් වේද, සිහි මුළාවූවෙක් වේද, නුවණ නැත්තෙක් වේද ඒ ධර්ම 7 වේ.
  දියුණුවට හේතුවන ධර්ම හතකි ශ්‍රද්ධා ඇත්තෙක් වේද, ලජ්ජා ඇත්තෙක්වේද, බිය ඇත්තෙක් වේද, බහුශ්‍රැතයෙක් වේද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද, ප්‍රඥාවන්තයෙක් වේද
  අවබෝධ කට යුතු ධර්ම හතකි ධර්මය දන්නෙක් වේද, අර්ථය දන්නෙක් වේද, තමා දන්නෙක් වේද, පමණ දන්නෙක් වේද, කාලය දක්නෙක් වේද, පිරිස් දන්නෙක් වේද, පුද්ගලයන් දන්නෙක් වේද,
  ඉපිදවිය යුතු ධර්ම හතකි අනිත්‍ය සංඥාවය, අනාත්ම සංඥාවය, අසුභ සංඥාවය, ආදීනව සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාව
  විශේෂ නුවනින් දතයුතු ධර්ම හතකි සත් වැරූරුම් නිර්දස වස්තු
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම හතකි ක්ෂීණාශ්‍රව බල සත

අට්ඨ ධම්මා
number-8

 

  උපකාරක ධර්ම අටකි ශ්‍රද්ධා ,කාය සහ චිත්ත විවේකය, සංවර සීලය, බහුශ්‍රුත බව,  වීර්ය, සතිය
  වැඩිය යුතු ධර්ම අටකි ආර්ය අෂ්ඨාංගික ධර්ම
  පිරිසිඳ දත යුතු ධර්ම අටකි අෂ්ඨ ලෝක ධර්ම
  දුරුකට යුතු ධර්ම අටකි වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය වැරදි ස්මෘතිය, වැරදි සමාධිය
  පිරිහීමට හේතුවන ධර්ම අටකි අෂ්ඨ කුසීත ධර්මයෝ
  දියුණුවට හේතුවන ධර්ම අටකි අෂ්ඨ වීර්ය ධර්මයෝ
  අවබෝධ කට යුතු ධර්ම අටකි බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් අට
  ඉපිදවිය යුතු ධර්ම අටකි මහා පුරුෂ කල්පනා අටය
  විශේෂ නුවනින් දතයුතු ධර්ම අටකි අෂ්ට අභිභායතනයෝ
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම අටකි විමොක්ෂ අට

නව ධම්මා
number-9

 

  උපකාරක ධර්ම නවය කි නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවය
  වැඩිය යුතු ධර්ම නවය කි ශීල විසුද්ධිය , චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය , කංඛාවිතරණ විශුද්ධිය, මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය,
  පිරිසිඳ දත යුතු ධර්ම නවය කි සත්වා වාස නවය
  දුරුකට යුතු ධර්ම නවය කි තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය
  පිරිහීමට හේතුවන ධර්ම නවයකි ක්‍රොධ කරුණු නවය
  දියුණුවට හේතුවන ධර්ම නවය කි ක්‍රොධය දුරලීමේ  කරුණු නවය
  අවබෝධ කට යුතු ධර්ම නවය කි නානත්ව  නවය
  ඉපිදවිය යුතු ධර්ම නවය කි අසුභ හැඟීමය, මරණ හැඟීමය, ආහාරයෙහි පිළිකුල් හැඟීමය, සියලු ලෝකයෙහි අනභිරති (නොඇලීම්) හැඟීමය, අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුක් හැඟීමය, දුකෙහි අනාත්ම හැඟීමය, දුරු කිරීම් හැඟීමය, නොඇලීම් හැඟීම
  විශේෂ නුවනින් දතයුතු ධර්මනවය කි අනුපූර්වවිහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවය
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම නවය කි අනුපූර්ව නිරොධ (පිළිවෙළින් නැති කිරීම්) නවය

දස ධම්මා
number-1number-0

 

  උපකාරක ධර්ම දහයකි නාථ කරණ  ධර්ම දශය
  වැඩිය යුතු ධර්ම දහයකි දශ කසිණායතනයෝ
  පිරිසිඳ දත යුතු ධර්ම දහයකි ආයතන දශය
  දුරුකට යුතු ධර්ම දහයකි වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජිවිකාවෘත්තිය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මීදීම
  පිරිහීමට හේතුවන ධර්ම දහයකි දශ අකුශල ධර්ම පථයෝ
  දියුණුවට හේතුවන ධර්ම දහයකි දශ කුශල කර්ම පථයෝ
  අවබෝධ කට යුතු ධර්ම දහයකි ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය
  ඉපිදවිය යුතු ධර්ම දහයකි දශ සංඥාවෝ
– අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරොධ සංඥාවය,
  විශේෂ නුවනින් දතයුතු ධර්ම දහයකි නිර්ජර වස්තුහු (දිරා යන කරුණු)
  ප්‍රත්‍යක්ෂ කලයුතු ධර්ම දහයකි දශ අශෛක්ෂ ධර්ම

දෝෂය කොතැන ද?

Posted on

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු.

……මම තව එක සිද්ධියක්‌ පෙන්නන්නම්. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්‌පර්ශ ආයතන හය නිසා ම ධාතු නානත්වය නිසා සංඥා පහළ වන මට්‌ටමක්‌ තමයි අපට තියෙන්නෙ. ඒ කියන්නෙ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, දැනෙන ආ, දේ. මේ ටික තමයි “ඉන්කමින්” කියල අපි පහසුවට හඳුන්වපු, එළියෙ ඉඳන් ඇතුළට එන ටික. මේ සිද්ධියෙ දෝෂයක්‌ නැහැ.

මෙහෙම සිද්ධියකින් පස්‌සෙ ආපහු ඇහැ අහකට ගන්නකොට ම ඇහැත් නිරුද්ධයි, පෙනෙන රූපයත් ඉතිරි නැති ව ම නිරුද්ධයි කියන එක නො දැක තියෙන දෙයක්‌ හැටියට අල්ලගෙන වින්දොත් මොකද වෙන්නෙ? අවිද්‍යා කර්ම ඉතිරි වෙනව. කාම ධාතුවෙ ස්‌වභාවය තමයි ආයතන හයෙන් ම කර්ම රැස්‌ වෙනව කාමාවචර මට්‌ටමින්. ඒ කිව්වෙ ආපහු එයාට සිහි කරල යන්න හය පොළක්‌ ම හැදෙනව. රූප තියෙනව කියල බලන්න යන්නත් පුළුවන්. ශබ්ද තියෙනව කියල අහන්න යන්නත් පුළුවන්. ගන්ධ, රස, ස්‌පර්ශ, සිතිවිලි තියෙනව කියල විඳින්න යන්නත් පුළුවන්. එයාට කාම ධාතුවෙ ආයතන දොළහකුයි, අටළොස්‌ ධාතුවකුයි ස්‌කන්ධ පංචකයකුයි හම්බ වෙනව. මේ තමයි “අවුටිගොයින්” කොටස.

ස්‌පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධය නො දන්නාකම නිසා ස්‌පර්ශ ආයතන හය ම ඇති හැටියට නිමිති ගත්ත කෙනාට ආපහු යන්න ස්‌පර්ශ ආයතන හයක්‌ ඒ කියන්නෙ ආයතන 12ක්‌ ධාතු අටළෙසක්‌ ඉතිරියි. ඒ මට්‌ටම තමයි කාමාවචර මට්‌ටම. නිමිති උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නෙ ඒ වගේ ධාතුවක්‌ ආශ්‍රිත ව මයි.

ඒ තමයි කාම භවය. අනෙක්‌ අතට රූප භවය කියල කියන්නෙ ආයතන හයට ම අරමුණු ආවට නිමිති තියෙන්නෙ ඇහෙන් දකින එකෙයි, ශබ්ද අහන එකෙයි, හිතින් හිතන එකෙයි විතරයි. ගන්ධය, රස, ස්‌පර්ශය කියන නිමිති එහේ නැහැ. ඒ හින්ද එයා ආපහු යන්නෙ (“දුරකථන ඇමතුම ගන්නෙ” කියල අපි හිතමු) තුන් පොළකට විතරයි. ඒ කියන්නෙ රූපය සිහි කරන්න පුළුවන්, ශබ්දය සිහි කරන්න පුළුවන්, සිතිවිලි සිහි කරන්න පුළුවන් විතරයි. ආයතන හයට ම අරමුණු ආවත් රූප ශබ්ද සිතිවිලි අරභයා විතරක්‌ ඒවා ඇති දේවල් බවට අදහස ඉතිරි වෙනව. ඒ හින්ද ඒව හොයාගෙන යනව.

කෙනකු ගාව තියෙන්නෙ රූපාවචර මට්‌මේ සංයෝජනයක්‌ නම් එයාට ආපහු යන්න නිමිති හිටින්නෙ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන හය විතරයි. ධාතු 9 විතරමයි. එයාට අවිඡ්ජා පච්චයා සංඛාර වෙලා තියෙන්නෙ රූපාවචර මට්‌ටම. සංඛාර පච්චයා විඤ්ඤාණං කියනකොට චක්‌ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ විතරයි. ඒ මට්‌ටමේ තණ්‌හා උපාදානයක්‌ යෙදුණොත් ඒ මට්‌ටමේ තමයි භවයත්.

අරූප භවයෙ දි වෙන්නෙ මොකක්‌ ද? එහෙත් “ඉන්කමින්” හය ම තියෙනව. “අවුට්‌ගොයින්” 1ක්‌ විතරයි. මනායතනයයි ධම්මාරම්මණයි හැර අනෙක්‌ අරමුණු අරභයා, මෙතන තියෙන්නෙ සෙසු දේවල් හටගෙන නැති වීමක්‌, අවකාශයක්‌ විතර නෙ කියන අදහස බලපවත්වනව. එතකොට ඒ මට්‌ටමේ (අවකාශයක්‌ විතරයි තියෙන්නෙ කියන මට්‌ටමේ) තණ්‌හා උපාදානයක්‌ ඇතිවයි එයා ඊළ`ග භවයට යන්නෙ.

මෙහෙම බලනකොටත් පැහැදිලි වෙනව ස්‌පර්ශ ආයතන හයේ (“ඉන්කමින්වල”) නෙමෙයි දෝෂය තියෙන්නෙ කියන එක.

දැකීමෙන් පස්‌සෙ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් සංඛාර නිරුද්ධ වෙනව. සංඛාර හිටින්නෙ නෑ. පෙනෙන දේ හටගෙන නැති වෙනව කියන එක නො දන්නා අවිද්‍යාව තිබුණොත් සංඛාරය ද නිරුද්ධ වෙන්නෙ නැහැ.

ස්‌පර්ශ ආයතන හයට ම යමක්‌ එනව. පෙනෙන ඇහෙන හැම දේකට ම යමක්‌ කරනව හිතනව. හැබැයි ස්‌පර්ශ ආයතන හය ම නිරවශේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියන නුවණ කෙනකුට තියෙනව නම් ඒ තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්‌ වත් එතන නැහැ. එහෙම කෙනාට යන්න තියෙන තුන් භූමියෙ ම (කාම, රූප, අරූප භව) අටළොස්‌ ධාතුව ම නිරුද්ධයි. ආයතන 12 ම නිරුද්ධයි. පංච උපාදාන ස්‌කන්ධය ම නිරුද්ධයි. ඒ මට්‌ටමට කියනව රහතන්වහන්සේ කියල.

“ඉන්කමින්” කියල කිව්ව ස්‌කන්ධ ටික අවිද්‍යා පච්චයා කියන චක්‍රයට ඇතුළු කරන්න එපා. ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ආදි වශයෙන් කියන මේ ටික අවිද්‍යාව හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බැහැ.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට මෙතන තියෙන්නෙ ස්‌කන්ධ ටික. ස්‌පර්ශය නිසා මේ පෙනෙන දේ හටගන්නව ස්‌පර්ශය නැති වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනව කියන තැනක මනස තියාගන්න. කණ්‌ණාඩියට එබුණොත් එබුණ හින්ද ඡායාව හටගත්ත, එබෙන්න පෙර එහෙම ඡායාවක්‌ තිබුණෙ නැහැ. එබුණ හින්දමයි හටගත්තෙ. හිස අහකට ගත්තම ඒ ඡායාව ද නැති වෙනව කියන තැන හිත තියාගෙන කණ්‌ණාඩියෙ තියෙන ඡායාව ගැන ඕන දෙයක්‌ හිතන්න. කරන්න බනින්න ගහන්න. ප්‍රශ්නයක්‌ වෙන්නෙ නැහැ.

අන්න ඒ වගේ මේ පෙනෙන දේ අරභයා දකින්න පෙර තිබුණ නෙමෙයි, දැක්‌කයින් පස්‌සෙ තියෙනව නෙමෙයි, ආයතනයන් ගෙන් උපද්දවපු දෙයක්‌ විතරමයි පෙනෙන්නෙ කියන තැනක නම් මනස තියෙන්නෙ මේ අරමුණු අරභයා මොන දේ කිව්වත් කෙරුවත් හිතුවත් සංඛාර නිරුද්ධයි.

මේ කිසි කෙනකුට ස්‌පර්ශ ආයතන හයේ ම පෙනෙන්නෙ පෙර නො තිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරුද්ධ වෙනවා කියන දේ නම් ඒ මනසට කියනව අපරියාපන්නයි කියල.

ස්‌පර්ශ ආයතන හය ම හටගෙන නිරුද්ධ වෙද්දි හය ම ඇති බවට නිමිති හදාගෙන ඒ හය ම හොයාගෙන යන මට්‌ටමට කාමාවචර කියල කියනව.

ස්‌පර්ශ ආයතන හයට ම අරමුණු ආවත් ආයතන තුනක්‌ විතරක්‌ ග්‍රහණය කරගෙන ඒ තුන විතරක්‌ (ඇති බව සිතා) ආපහු හොයාගෙන යන මට්‌ටමට රූපාවචර කියල කියනව.

ආයතන හයෙන් ම අරමුණු එද්දි හයේ ම අනිත්‍ය දකිනව අවකාශය විතරයි තියෙන්නෙ කියන මට්‌ටම නම් තියෙන්නෙ ඒ මට්‌ටමට අරූපාවචරයි කියනව.

ස්‌පර්ශ ආයතන හයේ ම නිරෝධය දකිනව එකකට වත් නිමිති ඇති කරගන්නෙ නැහැ වුණොත් ඒ මට්‌ටමට කියනව සෝපාදිශේෂ නිබ්බාණ කියල.

ඇහැ උපාදාන කරන්නෙ (ඇති බවට අල්ල ගන්නෙ) නැති ව, රූපය උපාදාන කරන්නෙ නැති ව, චක්‌ඛු විඤ්ඤාණය උපාදාන කරන්නේ නැති ව, චක්‌ඛු සම්පස්‌සය උපාදාන කරන්නෙ නැති ව විඳිනව. එහෙම ජීවත් වීමෙ දි ඇති බවට කිසිවක්‌ හිටින්නෙ නැහැ. අවිද්‍යාව ශේෂයක්‌ වත් නැහැ. ස්‌කන්ධ පරිහරණයක්‌ පමණයි තියෙන්නෙ. ආයතන ටික නිසා ඇති පැවැත්ම පමණක්‌ තියෙනව. කර්ම කෙළෙස්‌ ඔක්‌කොම අතහැරල.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුණයින් පස්‌සෙත් තමන් ගෙ මනසෙ දෙපැත්තෙ යෙදෙන්න නිමිති නැත්නම් කෙලෙස්‌ නැත්නම් ඉබේ ම දට්‌ඨෙ දිට්‌ඨ මත්ථං වෙනව.

එහෙම කෙනාට ප්‍රත්‍යක්‌ෂ ඥානයක්‌ උපදිනව ශාසනයට ආවෙ යමකට ද ඒ අරභයා මතුවට කළ යුත්තක්‌ නැහැ කළ යුත්ත කළා කියල. ආයෙ උපදින්නෙ නැහැ කියල තමන්ට ම වැටහෙනව.

මෙතන දි එක කාරණාවක්‌ දකින්න. හේතුඵල දහම කැටි කරල ගත්තොත් බුදුරජාණන්වහන්සෙ පෙන්නන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්‌කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගාව යෙදෙන්නෙ කාම උපාදානය. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ය, රත්තරන් ය, රිදී ය, මුතු මැණික්‌ ය, ගෙවල් දොරවල් ය කියල කාම උපාදාන. රූපය ආත්මයක්‌ රූපය ඇසුරු කරගෙන සත්ත්වයෙක්‌ ඉන්නව කියල උපාදානය. මේ රූපය ඒ කියන්නෙ කන බොන ආහාරයෙන් හැදුණු ස්‌කන්ධ ටික දකිනකොට ම අපේ මනසෙ මේ උපාදානය යෙදෙනව.

මේකට කිව්ව උපාදාන ස්‌කන්ධය කියල. රූපය උපදින කොට කෙනකු ගෙ මනසෙ පවතින්නෙ උපාදානයක්‌ නම් මේ රූපය විපරිනාම වෙනකොට ඒ කෙනා විඳින්නෙ පංච උපාදානස්‌කන්ධ දුකක්‌.

ඒ කියන්නෙ රූපය අනාත්ම වූ ස්‌කන්ධයක්‌. කෙනා තුළයි සත්ත්වයා පුද්ගලයා කියන උපාදානය තියෙන්නෙ. ඒ කෙනා ස්‌කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානය දන්නෙත් නැත්නම් ඒ කියන්නෙ රූපය ආහාරයෙන් හැදුණ දෙයක්‌ කියල දන්නෙත් නෑ. එහෙව් රූපය දකිනකොට තමා තුළ පුද්ගල සංඥාව උපදින බව දන්නෙත් නැත්නම් ඒ කෙනාට පෙනෙන්නෙ රූපය පුද්ගලයකු හැටියටයි. විඳින්නෙ පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ලෙඩ වුණා. මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌ එන්නෙ. ඒ දුකට හේතුව ස්‌කන්ධ ටික නෙමෙයි උපාදානය. උපාදානය කැති කළොත් මේ දුකෙන් මිදෙනව.