RSS Feed

සමථ විපස්සනා

Page 159 of Petakopadesa Buddha Jayanthi Edition

6-14. සියලු  කුසල පක්ෂය සංග්‍රහයට එක්වීමට  යන කුශල නවපද කෙනෙක් වෙති. කවර නවපද කෙනෙක් ද යත්   සමත, විපස්සනා, අලෝභ, අදෝස, අමෝහ, අනිච්ච සඥා,  දුක්ක සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා යන මොහුයි.

එහි සමථ කවරේද යත්: චිත්තයාගේ යම් අරමුණෙහි සිටීමෙක් මොනොවට සිටීමක්, බැසගෙන සිටීමෙක්, නැවැත්මක්, පිහිටා සිටීමෙක්, එළැඹ  සිටීමෙක්, සමාධියෙක්, සමොධානයෙක්, අවික්ෂේපයෙක්, අවිප්‍රතිසාරයෙක්, සිතෙහි සන්සින්දීමෙක්, සිතෙහි එකඟ බවෙක් වේද මේ සමථයයි.

එහි විපස්සනා කවර යත්: ස්කන්ධයන්හි හෝ ධාතුන්හි, ආයතනයන්හි, නාම රූපයෙහි, පටිච්ච සමුප්පාදයෙහි, මාර්ග සත්‍යයෙහි, කුශලාකුශල ධර්මයන්හි, සාවද්යානවධ්‍ය ධර්මයන්හි, කෘෂ්ණ ශුක්ලා ධර්මයන්හි, සේවිතව්‍යසේවිතව්‍යහෙහි හෝ යතාභුතව යම්  වීමසීමෙක්, වෙසෙසින්  වීමසීමෙක්, වීමන්සයෙක්,පරිවිමන්සයෙක්,ගැනීමෙක්, වෙසෙසින් ගැනීමෙක් හාත්පසින් ගැනීමෙක්, හාත්පසින් ගැනීමෙක්, සිතින් හාත්පසින් සිතීමෙක්, තුලනයෙක් පරීක්ශාවෙක්, ඥානයෙක්, විද්යාවෙක්, නුවැනසක්, බුද්ධියක්, මෙධායෙක්, ප්‍රඥාවෙක්, අවභාසයෙක්, ආලෝකයෙක්, ආභායෙක්, ප්‍රභායෙක්,ප්‍රඥා  බධ්ගයෙක්, ප්‍රඥානමැති හීයෙක්, ධම්ම විජය සම්බෝජ්ජන්ගයෙක්,  සම්මා ධිට්ටියෙක්,මාර්ගාන්ගයෙක් වේද මේ විපස්සනා යි. 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: